ඉඳහිටක හඬවන
හැඬූ කඳුළුත් පිසලන
සිනහ මල් පළඳන
සුසුම් පිඹ යළි විසුරණ
හදවතේ සිව් කොන
ඇවිද මුල්ගල් සිටුවන
කටු ඇනුණු තැන් දැන
හෙමින් මල් පොඩි පුබුදන
ඇඟිලි තුඩු සිපගෙන
කවි බිඳිති පැළකර යන
නොකියනා වදනින
කතා දහසක් මුමුණන
ආදරෙයි නොකියන
හිතේ මැද උණුහුම් වෙන
පෙර පුරුදු සුවඳින
දිවිය පුරවා සැඟවෙන
කෝ මේකේ "හුරු" කියල නෑ නේ කොහෙවත්......
ReplyDelete