අතින් අදිනා දිය රැළිති හා
යා යුතුව ඇත බෝ දුරක්
බිඳක් නතරව නුඹ අසල හිඳ
රහස් ලෙස පවසමි යමක්
අතු පතර නැලෙවෙද්දී පෙරදින
මගේ ළඟට වී ගී අසන්
මගේ කොපුලත හාදු තැවරූ
පතක් ඇත තව මඟ බලන්
හෙට දිනෙක ඈ ආවොතින්
මේ ගං දියේ මා ගැන සොයන්
කියනු පෙම ලොව සදාකල් බව
අපට අප හිමි නැති උනත්
•••••••••••••••••••
ReplyDeleteසිහිනයත් බෙදෙව යාවි නම්
පෙම් පත අහිමි ඔබට නම්
හදවිමන් කව්ළු වැසුණ නම්
ඔබේ හිත මට නැතුවා නම්
•••••••••••••••••••
අපූරු කවි පෙලක් අක්කේ.....
ReplyDeleteසොඳුරු නිරීක්ෂණයක් ..
ReplyDeletethanks!
ReplyDeleteමේකනම් මාරයි ඈ...
ReplyDelete