Friday, December 16, 2011

looking forward

අදිසි අතැඟිලි අගින්
අවුල් කර තුරු මුදුන්
සුළඟ දඟ කලත් නිති
හෙටත් තුරු මඟ බලන්!

5 comments:

  1. උදා වෙන තුරු හෙට
    ඉදිමි මම මග බලන්..

    ReplyDelete
  2. අතින් අවුල් කර ගත්ත කොණ්ඩයක් මතක් වුනා

    ReplyDelete
  3. හ්ම්ම් ලස්සනයි..

    ReplyDelete
  4. දෝර ගිය ආදරයෙන්
    මගේ අතැඟිළි තුඩින්
    නුඹේ හිසකේ අතර
    රටා ඇඳි හැටි සෙමින්..
    මැවෙන කළ යළි යළිත්
    මතක ලේ බිඳු තුළින්
    යලිඳු හදවත වෙලෙයි
    නුඹ සමග සෙනෙහසින්... :((

    ReplyDelete
  5. සුළඟ වුව කැමති ඇති
    තුරු ළඟම දැවටෙන්න
    ඒත් ලෝ දම වෙනයි
    පැතු දේම හිමි නොවෙයි

    ReplyDelete