Tuesday, June 29, 2010

සුළඟයි නුඹ මට

ලොවටම රහසින්
සියොළඟ දැවටෙන..
කෙහෙරැළි අතරින්
අතැඟිලි දුවවන..
සීතල හාදුම
මුව මත සතපන..
ඇසුරු සැනින් යළි
සැඟවී නොපෙනෙන..
සුරතල් වී
මා තුරුලෙහි සැතපෙන..
විටෙකදී රුදුරුව
සිතිවිලි කළඹන..
හද ගිම් සනහන
සුසුමක් ගෙන එන
දෑසට නොපෙනෙන
සුළඟයි නුඹ මට ..

3 comments: