Saturday, April 9, 2011

යාත්‍රා

හීන තොටුපොළ
වෙතට පාවෙමි
සුසුම් පවනින්
රුවල් පුම්බමි
මඟ කියන්නට
නැකත් තරුවක්
සදිසි දෙනෙතක්
දුරින් හඳුනමි

2 comments:

  1. පදිමි මම තොටුපල හොයාගෙන
    මග දිග නැගෙන මතක සළකුණු පසුකර
    සොයා ගිය තොටුපල මිරිගුවක
    ඈතක් බව දැනුනි තනිව දියඹ..

    ReplyDelete
  2. තොටුපොළ මිරිඟුවකි
    ගමනත් හීනයකි
    නැකත් තරුව පමණක්
    දුර අහස සුදිලි..

    ReplyDelete