Thursday, April 21, 2011

වැස්ස

දුවන වැස්සක් වෙලා
හිතට ඇදහැලුනේ කිම
කටුක මේ දිවිමඟට
සිසිල දී සැඟවෙන්න?

පැල් බැඳන් වැසි වැටෙන
මෝසමක් නොවුනේ කිම
හද පුරන් කෙත්යාය
හෙමින් අස්වද්දාලන්න?

2 comments:

  1. වැස්ස ගැන කවි දෙකක්!
    ================

    යලට කුඹුර වපුරන්නට
    යසට හොඳට නාගන්නට
    රෑට සැපට නිදියන්නට
    වැහැපන් බැහැ ඉවසන්නට

    ග්‍රවුන්ඩ් එකම වෙට් වෙනවා
    ටර්ෆ් එක ඩැමේජ් වෙනවා
    ක්‍රිකට් කරග ඩල් වෙනවා
    වැස්සොත් අපි වැනසෙනවා

    ReplyDelete