හේමන්තයේ ලියූ කවි
නොහිතුව විටදී වැහි එන
හේමන්තයේ අඳුරු දවසක
උණුහුම් අවන්හල කොණ
කෝපි බොන්නට එනවාද?
අපේ තෙත සුසුමින්
හුමාලය බැඳුනු කවුළුවේ
ඇඟිලි තුඩගින් රූ
ඇඳ හිනැහෙන්න එනවද?
කහ ගැහුණු පත් සිඹ සිඹ
මේ හමන සීත සුළඟට
නොදී දිනුමක්, මා ළඟ
උණුහුම් වෙන්න එනවාද?
නුඹ එනවාද
ReplyDeleteආයෙත් පුරුදු ලෙසම
මම තවම නුඹ එනකන්
ඒ පුරුදු තැන් වලම..
නුපුරුදු තැන් වලත්!
ReplyDelete