පතුල නැති හීනයක කිමිදෙන
ගැලූ කඳුලින් මාල ගොතමින
සතුට දෝතකට රැගෙන හිනැහෙන
පය පැකිලී විට සෙමෙන් නැගිටින
දිවි පුරා කටු අකුල් සිඹිමින
අහම්බෙන් මල් පොඩිති හමුවෙන
දෑත නොව හදවතම සීරුන
ගැලූ රුහිරෙන් කවිත් පබඳින
හදවතේ ගැඹුරු තැන කළඹන
සෙනෙහසක මිමිණුමට කන්දෙන
දුර තියා සුසුම් හඬ හඳුනන
මම නුඹයි මඟ තොටදී හමුවන
ලස්සනයි
ReplyDeleteලස්සන පද පෙලක්....
ReplyDeleteතුති, නඳුන් හා දිනේශ් :)
ReplyDeleteලස්ස්නයි..
ReplyDelete