Saturday, June 18, 2011

නොපෙනෙන

නොපෙනුනත් රෑ කල
කැකුළු පූදී අතු අග
නිදන නෙත සිහිනය මැද
ඇසෙයි මල්වල මිමිණුම
යා නොහැකි දුර වුව
මල් සුවඳ ඉගිලෙයි රෑ යම
මතකයන් පිරිමැද
දහක් මල් පුබුදවයි හද තුළ

2 comments:

  1. එකඩුපුල් සුවඳ
    අඳුන් ගල්වාවි
    නෙතග සිහිනෙට...

    ලස්සනයි මලිති :)

    ReplyDelete