Thursday, July 28, 2011

වස්සානයේ අවසන

මේ වස්සානයේ අවසන
තුරු මුදුන පිපි කුසුමක
මුදු පෙති අතර ලියැවෙයි
මේකුළට කී පණිවිඩ

ඉඳහිට අහඹු දවසක
කොපුලත තෙමන වැහි බිඳ
නුඹේ සිත ළඟ ගලපයි
මගේ කඳුලක මතකය

1 comment:

  1. ලස්සන කවිපෙලක්.බොරැල්ලේ බස් නැවතුම් පල දකින මගේ ඇසට එන කදුළු මම නවතා ගන්න උත්සහ ගන්නේ නැහැ.

    ReplyDelete