Tuesday, October 4, 2011

පණිවිඩය












අතින් අදිනා දිය රැළිති හා
යා යුතුව ඇත බෝ දුරක්
බිඳක් නතරව නුඹ අසල හිඳ
රහස් ලෙස පවසමි යමක්
අතු පතර නැලෙවෙද්දී පෙරදින
මගේ ළඟට වී ගී අසන්
මගේ කොපුලත හාදු තැවරූ
පතක් ඇත තව මඟ බලන්
හෙට දිනෙක ඈ ආවොතින්
මේ ගං දියේ මා ගැන සොයන්
කියනු පෙම ලොව සදාකල් බව
අපට අප හිමි නැති උනත්

5 comments:

  1. •••••••••••••••••••
    සිහිනයත් බෙදෙව යාවි නම්
    පෙම් පත අහිමි ඔබට නම්
    හදවිමන් කව්ළු වැසුණ නම්
    ඔබේ හිත මට නැතුවා නම්
    •••••••••••••••••••

    ReplyDelete
  2. අපූරු කවි පෙලක් අක්කේ.....

    ReplyDelete
  3. සොඳුරු නිරීක්ෂණයක් ..

    ReplyDelete
  4. මේකනම් මාරයි ඈ...

    ReplyDelete