Friday, October 28, 2011

හිනැහෙමි

අතොරක් නැතිව කියවමි
එහෙත් කිසිවක් නොකියමි
කඳුළු ඉඳහිට සඟවමි
නුඹ නොදත් විට තුටු වෙමි

අකුරු එක එක අමුණමි
නුබ පුරා අතහැර යමි
කවි මැවෙනු දැක හිනැහෙමි
තරුයි නුඹ හට පෙන්වමි

දින දසුන් කිසි නොතකමි
සිනහසුණ දින හඳුනමි
උණුහුමක සිත සතපමි
කඳුළු බිඳුවක් සුරකිමි

2 comments:

  1. කඳුළු අතරින් හිනහෙන
    සිනහවට අරුතක් දෙන
    තරුවේ එලි ඕනෑ නැත
    අහස එලි වෙයි කවියට

    ReplyDelete