Thursday, October 20, 2011

I am here

දේදුනුත් හිඟ කාස්ටකයට
පාට ගෙන එමි මතක දියකර
විඩාබර නෙතු පියන් මතුපිට
හාදු තවරමි සීත දෙතොලින
පහුරු ගානා ඉරුවාරදයක
විස උරාගමි ඇඟිලි තුඩු වෙත
ඉර හඳත් දුර පුංචි ලෝකෙක
උරහිසක්‌ දෙමි නුඹේ සුසුමට

4 comments:

  1. අදහස හොඳයි. කවිය අගෙයි !!

    ReplyDelete
  2. ඔයාගේ කවි අරං අනුන් රවටන හොරෙක් *සිහින පියාපත්* කියලා ඉන්නවා මේං බලන්න =========== https://www.facebook.com/sihinapiyapath

    ReplyDelete