බිඳී ගිය රළ නැතත්
තව රළක් සෙමෙන් විත්
මුතු කැටක් තබනු ඇත දෙපා මුල..
දෑස ළඟ නොපිපුණත්
පිපෙනු ඇත තව මලක්
දුරක තුරු හිසක, කොඳුරමින් නම..
කල්පයක් ගත වුවත්
නව සිහින යළි මැවෙත්
දැවී හළු වූ පැරණි පැතුම් මැද..
සුන්දරයි හෙට දිනත්
සිනහ ගෙන එන යළිත්
අද කඳුළු දිලිසුනත් දෙනෙත් අග..
ලස්සනයි අක්කේ....
ReplyDeleteහරිම ලස්සන පද ටිකක් මලිති
ReplyDeletethanks Dinesh and Dil!
ReplyDelete