මීදුමේ මඟ සොයා
දුර ඇදෙන හැමදාම
නුඹ සුවෙන් නිදි ඇතැයි හිතෙනවා
දහස් ගව් දුර ඇතත්
කෙහෙරැල්ල අවුල් කර
මොහොතකට නුඹේ හිස සිඹිනවා
ඉර බහින හවස් කල
උණුහුම්ම තේ සමඟ
නුඹේ සිනා මතකයක් එබෙනවා
නුඹ සිටින දහවලේ
එක පුංචි හුස්මකින්
නළලතේ ඩා බිඳිති මකනවා
රැයේ මැදියමට පෙර
නිදි නෙතට නුඹ පැමිණ
සිහින මැද වෙහෙසවී පෙනෙනවා
විඩාබර දෙනෙත වෙත
එළි බිඳක් ගෙන එන්න
සිනහවක් වී දෙතොල රැඳෙනවා
සොදුරු කවි පෙලක්...
ReplyDeleteමීදුම් රැලි රැගෙන උදාසන
ReplyDeleteඉර බහින හවස් කල
රැයේ මැදියමට පෙර
ගෙවෙන තත්පරේ ගානෙ
සිතේ ගිම් නිවන්නට
නුඹ එතැයි හැමදාම
මග බලා සිටිනවා...
මේ වගේ ටයිම් සෝන් දෙකක හිරවෙලා උන් කාලයක් අපිටත් තිවුණා... මේ විදියමයි... නියමයි...
ReplyDelete