Thursday, June 10, 2010

වරම් නැති

දෑත අතරින් ගිලිහි
සුළං රැළි ලුහු බඳිමි
ඈත උයනක සුපිපි
මල් සුවඳ සිප ගනිමි
පියවි ලොව හැමතැනම
සිහින සිතුවම් දකිමි
හෙලන්නට වරම් නැති
කඳුළු බිඳුවක් හෙලමි

3 comments:

  1. දැත අතරින් ගිලිහෙන සුලං රැල් අල්ලන්නට උත්සහා කරන්න එපා
    ඈත උයනක තියන සුවඳක් මෑත ඉදන් විදින්නට එපා
    පියවිලොකෙ ඉදගෙන සිහින ලොකෙ ඇවිදින්නට එපා
    හෙලන්නට වරම් නැති කදුලු හෙලන්නට හිතන්නවත් එපා...

    මලිතිව අදයි දැක්කෙ. ලස්සනයි.. ඇත්තටම..

    සිත තුළම ගුලිවෙලා
    මියෙන්නට ඉඩනොදුන්
    මගේ සිහින බලන්න...


    මෙක නම් මට අනුව බොහොම බරපතලයි. යමක් මියැදෙනවා නම් එයට මියැදෙන්න ඉඩ දෙන්න ...

    සොබාදහමට නොවන අවනත ලොවෙ කිසිවක් නැහැ
    ලොවෙ පැරදුම මිසක් කිසි දා ලැබු දිනුමක් නැහැ ... අමතක කරන්න එපා මෙ කතාව...

    ReplyDelete
  2. තුති ඔබේ අදහසට රවා.. :)

    ඔසුවකින් සුවපත් කළ හැකි බවක් තිබේ නම් වුව
    ඔසු නොදී මියෙන්නට හැරිය යුතුද...?

    ReplyDelete
  3. සිහින සිතුවම් ඉවත් කලොත් පියවි ලොව සැබැවින්ම කඳුඵ ගෙන එන්නත් පුඵවන්.

    අපූරුයි පද පෙල...

    ReplyDelete