Monday, June 28, 2010

පලුදු හද

පලුදු වී දැදුරු වී
අතරමඟ බිම වැටී
තිබූ මගේ අඳුරු හද
නුඹේ දෝතට රැගෙන
සීරුවෙන් පිසදමා
කඳුළකින් නහවලා
දුක් සුසුම් දුරැරලා
ලෙහි හොවා සැතපුවා
ඒ බිඳුණු හදින් නැඟී
බිඳිති හසරැල් සමඟ
සිහින් රිද්මය යළිත්
ඇසෙන්නෙ ද නුඹට දැන්?

2 comments: