Tuesday, June 29, 2010

නොදකින තරුව

මේ
මහා ගගනත
සැවොම නෙත ගැටෙන
කිසිකෙනෙක් නොදකින
හිමිහිට එළිය දෙන
තරු කැටය
වෙමි
මම

4 comments:

  1. දුරින් ඉන්නා තුරු නුඹ.....
    එළි තිතකි අඳුරු
    නුඹ කුස........
    ඒ වුනත් ලං වෙන්නෙ
    කොහොමද
    රශ්මිය දරාගෙන මම.......

    ReplyDelete
  2. මලානික එළියක් මිස
    රශ්මියක් කොහිද තරුවට...
    කඳුළු හද තුල තෙරපෙන
    එයින් නිවි නිවී දැල්වෙන !!

    ReplyDelete
  3. දුරින් ඉන්නා තුරු
    අහිංසක තරු කැටය.....
    තවත් එක් හිරු මඬලක්
    බව කෙසේනම්
    අමතක කරන්නෙද?
    හැකිනම් වියන්
    මලානික පල්සරයක්.......
    ලංවෙන්න බලන්නම්
    නොවෙවි නම් දිනෙක
    කළු කුහරයක්.......

    ReplyDelete
  4. බොහෝ දෙනාගෙ නෙත ගැටුණද දකින අය අඩුයි. ඒ ඔවුන් නොබලන නිසයි.
    ලස්සනයි කවිය.

    ReplyDelete