Thursday, June 3, 2010

සසල ගීතය

නුඹේ ගෙල වට දෑත පටලා
නෙතඟ බැල්මෙහි සිරව සිටි'යුරු
පැටලිලා දැවටිලා සිත තුළ
සැබෑවත් සිහිනයත් මුහු වී

අප වටා හා අපව වෙන්කර
බැඳී ඇති මේ පවුරු පදනම්
නුඹේ උණුසුම් හුස්ම අබියස
වියැකුණා මුළු ලොවත් එක්කම

එකම හඬකින් රිද්ම නංවන
දෙහදකින් නැඟි සසල ගීතය
අපට පමණක් ඇසෙන මොහොතක
තවත් දැවටෙමි සිතින් නුඹ වෙත

4 comments:

  1. ලස්සනයි.

    ReplyDelete
  2. ලස්සන පද වැලක්...

    ReplyDelete
  3. හ්ම් හ්ම්...සිහිනයක්ද සැබෑවක් ද??එහෙම අහන එක හරිද මන්දා..ලස්සනයි..
    ජයවේවා!!!!

    ReplyDelete