Tuesday, January 4, 2011

සිහින රූ

සඳුට අත දුර
වලා ගැවසුන
කඳු මුදුන මත
සිහින තනනෙමි
සඳේ රැස් මැද
වලා කැරලිති
අමුණලා නුඹේ
රුවම අඹනෙමි
සිහින රූ හැම
පුරා පැසකට
දෑත ළඟකින්
නිතර තබනෙමි
කටුක ලොව මැද
සිය දහස් වර
කඳු මුදුන මත
සිතින් සරනෙමි

8 comments:

  1. කටුක වූවද
    ලොවක් කොපමණ
    හැකිද කා හට
    සොරා ගන්නට
    සැඟවූ සිහිනය
    ඔබේ...
    නෙතු පියන් යට

    කවි ලස්සනයි..දිගටම ලියන්න.බුදු සරණයි..

    ReplyDelete
  2. සරන විට සිත
    නැතෙයි අනතුරු
    බිඳී ගිය දින
    රිදෙයි නිරතුරු
    දනිත ඒ වග
    නොහැක නවතනු
    නුඹේ රුව තව
    අඳියි අමයුරු

    මලිති බ්ලොග් එකේ දකුණු පැත්තෙ උඩින්ම තියන කවියෙ "නෙතු පියන්" කියන වචනයේ "ප" අකුර පෙන්නන්නේ නැහැ. සිංහල අකුරු render කිරීමේ දෝශයක් වෙන්නත් බැරි නැහැ. කොහොම උනත් ඔබේ කවි වලින් මම කැමතිම කවිය ඒකයි. පුළුවන් නම් නිවැරදි කරන්න. සුබ පැතුම්...

    ReplyDelete
  3. කඳු මුදුන මත,
    වැතිර හිඳිනෙමි,
    දෑත දිගුකර,
    සඳ වැළඳගමි,

    කන්ද පාමුල,
    රුදුරු ලොව වෙත,
    එන දවස සඳ,
    බිඳක් ගෙන එමි,

    ReplyDelete
  4. තාරා, සුසිත, රවී බොහොමත්ම ස්තුතියි. තව ලියන්න දිරි වෙන්නේ ඔබේ අදහස් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ :)

    සුසිත, ඒ වචනයේ අඩුපාඩුව මම දැක්කේ නැහැ, මුලින්ම ලියපු කවියක් නේ. ඔන්න නිවැරදි කළා. තුති පෙන්නලා දුන්නාට.

    ReplyDelete
  5. ෂැක්.............. මාර ලස්සනයි....

    ​ජය වේවා....!!

    ReplyDelete
  6. අදයි ආවෙ සත් සිහින දකින්න.
    ලස්සනයි.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  7. එල කිරිය...පුරුදු ලෙසම එලය

    ReplyDelete
  8. සෝරෝ, මැණික්, රත්ගමයා,... තුති !!! :)

    ReplyDelete