Monday, January 17, 2011

nom de plume

නුබ පුරා මේ විසිරී
මගේ අතින් ලියූ කවි ඇත
කඳුළු පොඟවා ලියුවද
මගේ නමෙහි උරුමය නැත
සිතුවිලි වුවද වද දී
හඬන දින නම් බෝ ඇත
කවි රැසත් මට නුඹ වැනි
හිමි වුවත් මට හිමි නැත

5 comments:

  1. ලස්සනයි ... මාර ගති.

    හඬන දින නම් බෝ ඇත
    කවි රැසත් මට නුඹ වැනි
    හිමි වුවත් මට හිමි නැත

    නියමයි මේ ටික නම්.

    ReplyDelete
  2. මේ කවි නුඹට බව,
    නුඹ නොදත් බව දනිමි,
    නුඹ නමින් කවි ලියූ බව,
    දන්නෙ රිදුනු මා සිත පමණි,

    ReplyDelete
  3. රවී!!
    මා නොලියූ පසුවදන ලියූවාට තුති!

    ReplyDelete
  4. ලස්සණ කවියක්!!

    "හිමි වුවත් මට හිමි නැත"
    මේ අන්තිම පදයනම් නියමයි!! හිතට වදින්න ලියල තියෙනවා..

    ReplyDelete