Monday, April 4, 2011

හේමන්තයේ ලියූ කවි















නොහිතුව විටදී වැහි එන
හේමන්තයේ අඳුරු දවසක
උණුහුම් අවන්හල කොණ
කෝපි බොන්නට එනවාද?
අපේ තෙත සුසුමින්
හුමාලය බැඳුනු කවුළුවේ
ඇඟිලි තුඩගින් රූ
ඇඳ හිනැහෙන්න එනවද?
කහ ගැහුණු පත් සිඹ සිඹ
මේ හමන සීත සුළඟට
නොදී දිනුමක්, මා ළඟ
උණුහුම් වෙන්න එනවාද?

2 comments:

  1. නුඹ එනවාද
    ආයෙත් පුරුදු ලෙසම
    මම තවම නුඹ එනකන්
    ඒ පුරුදු තැන් වලම..

    ReplyDelete
  2. නුපුරුදු තැන් වලත්!

    ReplyDelete