Saturday, June 4, 2011

ගැහැණු ළමයිනේ

ජීවිත කාලයක් පුරාවට
හසරැලින් මල් මැසූ ගවුම්පොඩි,
දඟ කතා ගොතා සැදු කළාලය,
අම්මගේ උණුහුමේ-
සුවඳ ගත් පොරෝණය,
කප කපා නෙත පිනූ පින්තූර
අලවලා නිම කෙරූ සිහින පොත,

ගෙන යන්න වෙන්නේ නැහැ..
ගැහැණු ළමයිනේ,
ඇඟිලි බැඳ රන් හුයෙන්
නික්ම යන හෙට දාට

3 comments:

  1. හැමදේකම අවසානයක් තියෙනව..

    ReplyDelete
  2. ඒක නම් ඇත්ත තමයි

    ReplyDelete
  3. හැමදේටම කාලයක් තියනවා .......

    ReplyDelete