Friday, June 10, 2011

මෙහෙම්මම
















මෙහෙම්මම මේ කඳු පෙළ
දුකක් නැති සේ හිටියට
බුබුළු දමමින් හද තුළ
කඳුළු ඇති බව දන්නේද?

මෙහෙම්මම මේ නිල් දොළ
දඟ ගමනකින් ගැලුවට
කන්ද නොහෙලූ කඳුලැලි
එහි සැඟවී බව දන්නේද?

මෙහෙම්මම මේ ගල් කුළ
පාර අවුරා උන්නට
දොළේ කඳුලැලි ගීයට
තාල ලූ බව දන්නේද?

මෙහෙම්මම මේ මද නල
තුරු මුදුන් පිරිමැද්දට
කඳු පෙළින් නැඟි සුසුමන්
එහි රැඳුණු බව දන්නේද?

1 comment:

  1. අපි නොදන්න දේවල් කොච්චර තියනවද .........
    හිතට දැනුනත් නොදැනුනත් ......

    ReplyDelete