Sunday, June 19, 2011

දුර

අතු ඉති නමා බිමටම
හමන මේ සැඩ සුළඟට
දුන් හාදු ටික රහසේම
නුඹට දුන්නද හරියට..?
සප්ත සාගර පසුකර
නුඹේ සුවඳ ඇති පෙදෙසට
හාදු අහුරත් අරගෙන
එද්දී සුළඟත් නිවිලාද..?

4 comments:

  1. ඔන්න
    සුලං තැපෑලෙන්
    එව්වා මාත්
    හාදු පාර්සලයක්.....

    :)

    ReplyDelete
  2. හාදු ගන්නට දෙන්නට මෘදු සුලගට
    අවකාශය මත පාවීයන්නට
    ඉලක්ක නොවූ කොපුලක නවතින්නට
    පසුව තොල්පෙත්තට හිමින් හිමින්
    ලංවෙන්නට...

    ලස්සනයි මිතුරිය

    ReplyDelete