Tuesday, June 28, 2011

කවි සිඳුන දා

ඉඩෝරෙට හේබෑව
මගේ සිතේ කවි කඳුර
පිරී උතුරන සතුට
අරන් හෙට එනවාද?

ගිනිගහන ඉර මඬල
දෝතකින් මුවාකර
සිතට සිසිලස ගෙනෙන
සෙවනැල්ල වෙනවාද?

දූලි වැකි නිසාමයි
උපන්නේ මේ කඳුළු
වදන් නැති කතාවක්
අසන්නට එනවාද?

3 comments:

  1. හරිම සංවේදී කවි පෙළක්. මේ ඔක්කොම කවි ඒ වගේමයි. පුදුම සහගත හැඟීම් ගොන්නක් හිතට එකතු කරනවා. ස්තූතියි

    ReplyDelete
  2. හරිම ලස්සන කවියක්..

    ReplyDelete