Friday, August 5, 2011

යළි උපන්

මුල් ඇද්ද දා සිට
ආකහෙන් ලද දිය මිස
සෙනෙහසක් නොලැබූ බව
සාක්කිය ඉරිතැලි කඳ

අව්‍ වැසි සුළං හඳුනන
අකුණු සර ළඟ නොසැලෙන
ඍතුවෙන් ඍතුව ගතවෙන
දුර බලා නිති ඉවසන

රළු පරළු අතු අග
කිසිම දා මල් නොපිපුණ
බඹර ගුමුවක් නොඇසුන
තනිකමක් හා තනිවුණ

හිස තියා මුල් රැස මැද
බදා පහුරින් රළු කඳ
ලතාවක මිමිනුම් හඬ
ඇසුණි පැටලී සිහිනෙක

අහම්බෙන් මේ මඟ
ගියොත් නෙත රැවටෙනු ඇත
ලියවැළක සෙනෙහස මැද
මල් රැසක් දිලිසුණා තුරු හිස

5 comments:

  1. ඉඳලා හිටලා.. වෙනසකට..:)

    ReplyDelete
  2. ලස්සනයි මලිති...අපූරු අදහසක්..
    මේකෙනුත් කියවෙන්නෙ ටිකක් ඔය වගේ දෙයක්
    http://sithabara.blogspot.com/2011/07/blog-post_06.html

    ReplyDelete
  3. සිතඹර - එකම අදහසමයි නේද? කළින් ඔබේ සටහන කියවා තිබුණත් මතකයේ තිබුණේ නැහැ. මා යනෙන මඟ මල් වැරූ ගසක වැලක් එතී එක වරම මල් පිපී තිබෙනු දැකයි මෙය ලියැවුණේ. සමහර විට ඔබේ කවිය හිත යට තිබුණාද දන්නෙත් නැහැ. :) තුති යොමුවට.

    ReplyDelete
  4. මලිති...මම එහෙම හිතල ඒ සටහන දැම්ම නෙමෙයි.ඔයගෙ පද පෙල දැකල මම ලියපු එකත් ටිකක් මේ වගේ කියල හිතුන.එකම දේ උනත් දෙන්න කියල තියෙන්නෙ වෙනස්ම විදියකට නෙ :)

    ReplyDelete