Tuesday, October 12, 2010

නුඹ දුර නැත

















දුර අහසක දුල සඳවත
සිප ගනු කිසි දින හිමි නැත
දැන දැන සඳ රැස් සයුරත
කිමිදී හද මල විකසිත

සඳ රුව දැක විල් තල මත
නුඹ දුර නැත, පවසයි සිත
විල් දිය රැළි නිති සසලිත
නෙත ඉනු කඳුළැලි සඟවත

No comments:

Post a Comment