සිහින කළතා
අහසේ අඳිනෙමි
පාට සියයක් දිලෙන දේදුණු...
ඒ අතර නුඹ
හිමින් ඇවිදින්
හිරු මුවාකර සිනාසෙන’යුරු !
සරැළි කළතා
දියෙහි ලියනෙමි
වදන් නැති මගේ කවිය සුමියුරු...
එදිය රැළි මැද
කුමුදු පුබුදා
නුඹ සඳක් වී සිනාසෙන ‘යුරු!
සිතැඟි කළතා
හදෙහි තවරමි
සිඹින්නට බැරි මලක රොන්සුණු...
නුඹ සුළඟ වී
ගතේ දැවටී
සුවඳ ගෙනැවිත් සිනාසෙන’යුරු!
වාව්...නියමයි නේ..........
ReplyDelete