Thursday, November 4, 2010

සුළඟ අත එවමි


















මඟ දෙපස පිපෙන මේ
කැලෑ මල් පොකුරකින්
සුළඟ අත නුඹ වෙතට
එක මලක් එවන්නම්...
අහම්බෙන් ඇසිල්ලක
නුඹේ කොපුලේ දැවටෙන්න
සිනහවක් ගෙන එන්න
ඒ මලට කියන්නම් ...

2 comments:

  1. අහඹූ පෙම
    අහඹු නුඹ
    එවු කුසුම
    මුණ ගැසුනි
    අහඹු ලෙස රිදුන සිත
    සිනා මල ඉන් පිපුනි

    ReplyDelete
  2. තුති වත්, මේකට මම කැමතියි :)

    ReplyDelete