Thursday, November 11, 2010

දවසින් දවසට

හිරු පිපි අහසක
පැහැබර දවසක
කවියක් වී හිත ළඟට වෙලා
මොහොතක් හිනැහී
සිත යට කිමිදී
පාවී යනු මැන විලස වළා
ගනඳුරු අහසක
වැහිබර දවසක
සුසුමක් වී හදවතම වෙලා
මොහොතක් ලතැවි
සිහිනෙක දැවටී
ගිලිහි යනු මැන කඳුළු වෙලා

2 comments: