Monday, November 22, 2010

ගිම්හාන

ගහකොලද දළු සිඳී
සුළං රැළි නිදි වැදී
බරැති හුස්මන් පමණි
සතර අත ඇදි ඇදී
හිරු කිරණ මැද රිදී
මල් කැකුළු පණ අදී
ගිම්හාන මාසයක
තතු ඇසෙයි රැව් දිදී

2 comments:

  1. ගිම්හානය ගෙවී
    වසන්තය එයි ඇදී
    කැකුළු මල් පොඩි පීපී
    සිනා සෙයි හෙට යළී

    ReplyDelete