Friday, April 29, 2011

සැඟවුණා!

පිපාසිත හීනයක
පැන් තොටක් වෙලා නුඹ
දෙතොල් අග දිය බිඳක්, තැවරුවා...
මංමුළා වීදියක
හුරු දසුන් මවා නුඹ
මඟ නොමඟ පෙන්වලා, නික්මුණා...
විඩාබර ලෝකයක
කෙම්බිමක් වෙලා නුඹ
හිසත් පිරිමැද සෙමෙන්, සැඟවුණා...

4 comments:

  1. :)
    දෙයක් දීල යන අය ඉන්න උදවියට වඩා වටිනව කොහොමත්...

    ReplyDelete
  2. ලස්සනයි අක්කෙ

    ReplyDelete