සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Friday, May 14, 2010
මඟකදී ඇසුණු ගීය
සසලිත වැහි බිඳු අතර
නොනවතින රිය පෙළ මැද
තනිවූ මට...
ඇසුණු සඳ
ඔබ ලබැඳි ගීයක්
දැනුනි දුරක සිටියත්
උණුසුම්ම හාදුවක් !!
කවි නිමිත්ත!!
මසිත පැටලුණු
සහස් සිතිවිලි
අතර සෙව්වෙමි
කවි නිමිත්තක්..
නුඹේ හසරැල්
කතා, දඟකම්
විසිරිලා මේ
සිත පුරාවට..
නුඹයි මාගේ
කවි නිමිත්තම!!
Sunday, May 9, 2010
පැහැය !
කළු සුදු
දිවියට
පැහැය
එක් කළ
නුඹ!
Friday, May 7, 2010
....
නොලැබෙන දේ ගැන
නොවැටුණු කඳුළු
නොලියූ කවි
සිරවී සිතේ
නොසිතු ලෙස
කඳුළු මල්
නුඹ නොආ
මඟ දිගට
පිපී අර
කඳුළු මල්!!
Tuesday, May 4, 2010
!!...
දුකක් සිත තුල උපන් හැම විට
නුඹ ගැනම හිත හිතා උන් මට
නුඹ නිසා දුක හිතුනු දිනයක
මිරිඟුවක ඇති අරුම සිහිවිය
හේමන්තය
හීගෝතු නංවමින්
හේමන්තයක් ඇවිත්
තුරු විමන් පාළු වී
සුළං රුදු ලෙස සරත්
එකම එක ඉපල්ලක
කහ ගැහුණු පත් අහුර
යා යුතුවූ මං නොදැන
තනිවෙලා ඉකි බිඳිත්
Saturday, May 1, 2010
ඇසේවි...
සිතට උහුලනු නොහී
තනිකමක් දැනුනු විට...
ජිවිතයේ විඩාවෙන්
ගතම සසලිත දිනක...
අසනු මැන හෙමිහෙමින්
කනට කොඳුරන හඬක්...
හීනයක් අද්දරින්
මුමුණනා මුදු හඬක්...
මෙලොව කොයි තැනක හෝ
එකම එක හදක්වත්
උමතුවෙන් මෙන් සැලී
නුඹට පෙම් කළ බවක්...
නුඹ නිසා ලෝකයක්
එකලු වී ඇති බවක්...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)