හදවත
පිරිමැදි
කගපත,
සෙනෙහස!
Tuesday, August 10, 2010
Monday, August 9, 2010
කොහේ හෝ
ඇහැළ මල් පියවිලි
විමන් සැරසූ මේ බිම
සිනහ හා කඳුළුද
දොරේ ගලනා මේ බිම
මගේ කුඩා හීනද
කොහේ හෝ මිහිදන්ව ඇත තව ..
විමන් සැරසූ මේ බිම
සිනහ හා කඳුළුද
දොරේ ගලනා මේ බිම
මගේ කුඩා හීනද
කොහේ හෝ මිහිදන්ව ඇත තව ..
Sunday, August 8, 2010
නුඹ මා ළඟම...
හිමිකම් නොකියමී ගණ නිල් නුබ තලට
දේදුනු සේම නිලි වැසි පුරුදුයි හදට
මන්දාරම එබෙන කළුවර රුදු රැයෙක
තවමත් පෙම් බඳිමි අත දිගු නැති නුබට
වැහි පොද විලස හිමි නැති අහසින් වැටෙන
සුළඟක් විලස මේ කුළු කලඹන දසත
පැහැයක් විලස පෙරඹර බොඳවී පෙනෙන
මම නුඹ දකිමි හැම තැන...නුඹ මා ළඟම!
දේදුනු සේම නිලි වැසි පුරුදුයි හදට
මන්දාරම එබෙන කළුවර රුදු රැයෙක
තවමත් පෙම් බඳිමි අත දිගු නැති නුබට
වැහි පොද විලස හිමි නැති අහසින් වැටෙන
සුළඟක් විලස මේ කුළු කලඹන දසත
පැහැයක් විලස පෙරඹර බොඳවී පෙනෙන
මම නුඹ දකිමි හැම තැන...නුඹ මා ළඟම!
Friday, August 6, 2010
සිනාසී..
මේ සුසුම බර වැඩියි
නොහෙලාම සිනාසෙමි
මේ කඳුළු නෙත දවයි
බොඳ නෙතින් බලා ඉමි
සිතන්නට වරම් නැති
සිතුවිල්ල අතරමැද
කිසිත් නොවූ විරූ සේ
සිනාසී දිවි ගෙවමි
නොහෙලාම සිනාසෙමි
මේ කඳුළු නෙත දවයි
බොඳ නෙතින් බලා ඉමි
සිතන්නට වරම් නැති
සිතුවිල්ල අතරමැද
කිසිත් නොවූ විරූ සේ
සිනාසී දිවි ගෙවමි
Thursday, August 5, 2010
Wednesday, August 4, 2010
සුබ නිමිති
ගනඳුරට තනි රකින
කවි සිතම නිදි වරණ
ඉතින් මේ රෑ පුරා
සොඳුරු කවි වැල් ගෙතෙන
ලොව එළිය දෙන අරුණ
රන් කිරණ දැක නිතින
සුබ නිමිති සොය සොයා
නුඹ ළඟට සිත ඇදෙන
කවි සිතම නිදි වරණ
ඉතින් මේ රෑ පුරා
සොඳුරු කවි වැල් ගෙතෙන
ලොව එළිය දෙන අරුණ
රන් කිරණ දැක නිතින
සුබ නිමිති සොය සොයා
නුඹ ළඟට සිත ඇදෙන
Tuesday, August 3, 2010
එකම අහසක් යටදි
බොහෝ දුර ඈත සිට
සිත ළඟම දැවටිලා
දෙතොලගට නුඹ ගේන
සොඳුරුතම හසරැල්ල
එකම අහසක් යටදි
මුණගැහෙන හෙට දිනෙක
නුඹේ නෙතු ගැටුණු විට
දහක් දේ පවසාවි...
නමුත් මා ගොළු වේවි...
සිත ළඟම දැවටිලා
දෙතොලගට නුඹ ගේන
සොඳුරුතම හසරැල්ල
එකම අහසක් යටදි
මුණගැහෙන හෙට දිනෙක
නුඹේ නෙතු ගැටුණු විට
දහක් දේ පවසාවි...
නමුත් මා ගොළු වේවි...
Monday, August 2, 2010
Subscribe to:
Posts (Atom)

