Sunday, August 8, 2010

නුඹ මා ළඟම...

හිමිකම් නොකියමී ගණ නිල් නුබ තලට
දේදුනු සේම නිලි වැසි පුරුදුයි හදට
මන්දාරම එබෙන කළුවර රුදු රැයෙක
තවමත් පෙම් බඳිමි අත දිගු නැති නුබට

වැහි පොද විලස හිමි නැති අහසින් වැටෙන
සුළඟක් විලස මේ කුළු කලඹන දසත
පැහැයක් විලස පෙරඹර බොඳවී පෙනෙන
මම නුඹ දකිමි හැම තැන...නුඹ මා ළඟම!

5 comments:

  1. මන්දාරම පෙම් බැන්ද උල ලේනියකගේ ගීයක්ද මන්ද.....

    ReplyDelete
  2. ඇත්තටම ලස්සනට පද ගලපලා ලස්සනට ලියලා තියෙනවා....

    ReplyDelete
  3. ලස්සනයි.... ගොඩක්.

    ReplyDelete