Tuesday, May 10, 2011

නම් නැති, නිම් නැති

කොපුලත දැවටෙන
සුසුමකි ඔබ මට
දෑසට නොපෙනෙන
හදවත කළඹන

නම් නැති නිම් නැති
කවියකි ඔබ මට
ඇරඹුම නොදැනුන
සිත තුළ නැවතුන

Friday, May 6, 2011

පසුවදන

කැඩපත බිඳුණු පසු
දුටිමි එහි
මගේ පිළිඹිබු
දෙකක්!

Wednesday, May 4, 2011

හංගන











මෙහෙම්මම, මේ විදිහට
හිරු එළිය ඉරි වැටෙනවිට
නුඹටත් දුකක් දැනෙනවද
මොහොතක් හුස්ම හිරකර?

Monday, May 2, 2011

විරල

නුඹ මගෙන් දුරක බව
සාක්කි ය මේ අහස
හැඬුම්බර වී නිතර
වළා අහුරයි දසත
රහසින්ම කියන්නම්
පලක් නැහැ හඬා නම්
දේදුන්න මැවෙන්නේ
හැමදාකමත් නොවේ

Friday, April 29, 2011

සැඟවුණා!

පිපාසිත හීනයක
පැන් තොටක් වෙලා නුඹ
දෙතොල් අග දිය බිඳක්, තැවරුවා...
මංමුළා වීදියක
හුරු දසුන් මවා නුඹ
මඟ නොමඟ පෙන්වලා, නික්මුණා...
විඩාබර ලෝකයක
කෙම්බිමක් වෙලා නුඹ
හිසත් පිරිමැද සෙමෙන්, සැඟවුණා...

Tuesday, April 26, 2011

හඳුනන්නේද?

පතුල නැති හීනයක කිමිදෙන
ගැලූ කඳුලින් මාල ගොතමින
සතුට දෝතකට රැගෙන හිනැහෙන
පය පැකිලී විට සෙමෙන් නැගිටින

දිවි පුරා කටු අකුල් සිඹිමින
අහම්බෙන් මල් පොඩිති හමුවෙන
දෑත නොව හදවතම සීරුන
ගැලූ රුහිරෙන් කවිත් පබඳින

හදවතේ ගැඹුරු තැන කළඹන
සෙනෙහසක මිමිණුමට කන්දෙන
දුර තියා සුසුම් හඬ හඳුනන
මම නුඹයි මඟ තොටදී හමුවන

නුඹයි!














දෙතොල් අග තවරනා
මඳහසක රස නුඹයි
සුව නින්දේ දැවටෙනා
ගැඹුරු හීනය නුඹයි
නෙතු දිවෙන දුර පුරා
නුබෙහි රන් පෑ නුඹයි
කළඹලා හද නුරා
පිපෙන කවිකම නුඹයි

Friday, April 22, 2011

my fairy tale

it is only a fairy tale
it sure has to be
otherwise how can you explain
all this unreality?
how does this story end
will you be kind to tell me?
does it have more moondust
and a wishing tree?
shall I close my eyes hard
and wait till eternity?
to have you smiling by my side
in the land of never-to-be....