Wednesday, August 3, 2011
මෙතැන තවමත් මම
දුර අවරගිර අග
අහස ගුගුරා හැලුනද
කඳුළු උතුරා ගැලුවද
මෙතැන තවමත් මම
අසෙනි මහා වැසි මැද
කඳුරු දිය ගොඩ ගැලුවද
කැකුළු නටුවෙන් මිදුනද
මෙතැන තවමත් මම
අඳුරට එළිය අරගෙන
නුඹ නෑවිත්ම උන්නද
ඇවිත් කඳුලැලි සින්දද
මෙතැන තවමත් මම
Tuesday, August 2, 2011
තව දුරයි
ලා පැහැති හිරු ඉරි
නිතරම කතා කෙරුවට
තණබිම තවම සීතයි
තුහින බිඳු දුර දිදුලයි
සීතලට බිය නැති
මල් පොඩි සිනා සැලුවට
වසන්තය තව දුරමයි
ඉවසන්න මට පුරුදුයි
නිතරම කතා කෙරුවට
තණබිම තවම සීතයි
තුහින බිඳු දුර දිදුලයි
සීතලට බිය නැති
මල් පොඩි සිනා සැලුවට
වසන්තය තව දුරමයි
ඉවසන්න මට පුරුදුයි
Thursday, July 28, 2011
වස්සානයේ අවසන
මේ වස්සානයේ අවසන
තුරු මුදුන පිපි කුසුමක
මුදු පෙති අතර ලියැවෙයි
මේකුළට කී පණිවිඩ
ඉඳහිට අහඹු දවසක
කොපුලත තෙමන වැහි බිඳ
නුඹේ සිත ළඟ ගලපයි
මගේ කඳුලක මතකය
තුරු මුදුන පිපි කුසුමක
මුදු පෙති අතර ලියැවෙයි
මේකුළට කී පණිවිඩ
ඉඳහිට අහඹු දවසක
කොපුලත තෙමන වැහි බිඳ
නුඹේ සිත ළඟ ගලපයි
මගේ කඳුලක මතකය
Tuesday, July 26, 2011
හදේ කොණක හිඳිමි
සෙවනැල්ලක
සැඟවී හිඳ
නුඹේ සිත ළඟ නැවතී
හිරු පුපුරණ
මද්දහනක
නුඹේ දාහය නිවමි
නුපුරුදු නෙත්
දහසක් මැද
සැඟව පෙනී නොපෙනී
මතකය දුන්
විදුලි ඉරක්
නෙත රවටා මවමි
සත් සමුදුර
දුර නැති සඳ
සිනහ බිඳක් එවමි
වෙහෙසී සිත
නොසොයන් මා
හදේ කොණක හිඳිමි
සැඟවී හිඳ
නුඹේ සිත ළඟ නැවතී
හිරු පුපුරණ
මද්දහනක
නුඹේ දාහය නිවමි
නුපුරුදු නෙත්
දහසක් මැද
සැඟව පෙනී නොපෙනී
මතකය දුන්
විදුලි ඉරක්
නෙත රවටා මවමි
සත් සමුදුර
දුර නැති සඳ
සිනහ බිඳක් එවමි
වෙහෙසී සිත
නොසොයන් මා
හදේ කොණක හිඳිමි
Sunday, July 24, 2011
මිලින
කහ පැහැති දුම්රිය
විදුලි රැහැනින් දිවි ලද
යකඩ රෝදෙට දැනුනද
පණ නල සිඳෙනු කුසුමක?
එකම හුස්මට දිව යන
නිමාවක් නැති ගමනක
මොහොතක් මැවී පෙනුනද
පැතුම් ගොන්නක් මියැදුන?
ගැහැට පිරි ලොවකට
කඳුළු නොසිඳුනු නෙතකට
කහ පැහැති දුම්රිය
නුඹ විය එකම සැනසුම
හැමදාම යන එන මඟ
සිල්පර කොටං සිඹ සිඹ
රතු මල් පිපෙයි ගොන්නක්
පර නොවී මෙහි කිසිදින
Thursday, July 21, 2011
උදෑසන
හිනැහෙන විට නුඹ
කැල්මට සසලව
අලුයම අහසේ
තරුකැට මිලිනව
ගනඳුර දුරලන
පළමු අරුණ ඉර
ලෙස විකසිත වෙයි
නුඹ ළඟ මගේ සිත
මල්වල නිදිමත
පිස එන සුළඟක
දඟකම ගෙන එයි
නුඹ ගැන මතකය
කැල්මට සසලව
අලුයම අහසේ
තරුකැට මිලිනව
ගනඳුර දුරලන
පළමු අරුණ ඉර
ලෙස විකසිත වෙයි
නුඹ ළඟ මගේ සිත
මල්වල නිදිමත
පිස එන සුළඟක
දඟකම ගෙන එයි
නුඹ ගැන මතකය
Wednesday, July 20, 2011
නුඹ!
දෙතොලග
දැවටෙන
දඟ දෙන
හස නුඹ
හදවත
මන්මත්
කරවන
රස නුඹ
සිතුවිලි
කළඹන
නුපුරුදු
බස නුඹ
කවියක
පදයක
සැඟවෙන
යස නුඹ!
දැවටෙන
දඟ දෙන
හස නුඹ
හදවත
මන්මත්
කරවන
රස නුඹ
සිතුවිලි
කළඹන
නුපුරුදු
බස නුඹ
කවියක
පදයක
සැඟවෙන
යස නුඹ!
Sunday, July 17, 2011
සඳ එළිය
කවුළු දොර දිලෙන්නේ
දුර හඳේ සෙවනැල්ල
දුර වුවත් ළඟ වැන්න
ළඟ වුවත් දුර වැන්න
කවුළුවේ වැතිර ඇති
සඳ එළිය දහර මත
කඳුළු බිඳුවක් රැගෙන
යළි අඳිමි ඔබේ රුව
දුර හඳේ සෙවනැල්ල
දුර වුවත් ළඟ වැන්න
ළඟ වුවත් දුර වැන්න
කවුළුවේ වැතිර ඇති
සඳ එළිය දහර මත
කඳුළු බිඳුවක් රැගෙන
යළි අඳිමි ඔබේ රුව
Subscribe to:
Posts (Atom)

