ලොවටම රහසින්
සියොළඟ දැවටෙන..
කෙහෙරැළි අතරින්
අතැඟිලි දුවවන..
සීතල හාදුම
මුව මත සතපන..
ඇසුරු සැනින් යළි
සැඟවී නොපෙනෙන..
සුරතල් වී
මා තුරුලෙහි සැතපෙන..
විටෙකදී රුදුරුව
සිතිවිලි කළඹන..
හද ගිම් සනහන
සුසුමක් ගෙන එන
දෑසට නොපෙනෙන
සුළඟයි නුඹ මට ..
Tuesday, June 29, 2010
Monday, June 28, 2010
පලුදු හද
පලුදු වී දැදුරු වී
අතරමඟ බිම වැටී
තිබූ මගේ අඳුරු හද
නුඹේ දෝතට රැගෙන
සීරුවෙන් පිසදමා
කඳුළකින් නහවලා
දුක් සුසුම් දුරැරලා
ලෙහි හොවා සැතපුවා
ඒ බිඳුණු හදින් නැඟී
බිඳිති හසරැල් සමඟ
සිහින් රිද්මය යළිත්
ඇසෙන්නෙ ද නුඹට දැන්?
අතරමඟ බිම වැටී
තිබූ මගේ අඳුරු හද
නුඹේ දෝතට රැගෙන
සීරුවෙන් පිසදමා
කඳුළකින් නහවලා
දුක් සුසුම් දුරැරලා
ලෙහි හොවා සැතපුවා
ඒ බිඳුණු හදින් නැඟී
බිඳිති හසරැල් සමඟ
සිහින් රිද්මය යළිත්
ඇසෙන්නෙ ද නුඹට දැන්?
Saturday, June 26, 2010
....
කවියක් වෙලා හද පතුලෙහි උපදින්න
හෙමි හෙමිහිට නුඹ කනටම කොඳුරන්න
සෙවනැල්ලක්ව සිත් පව්වෙහි දැවටෙන්න
බෝ දුර ඉඳන් මගේ සිත සනසාගන්න
හෙමි හෙමිහිට නුඹ කනටම කොඳුරන්න
සෙවනැල්ලක්ව සිත් පව්වෙහි දැවටෙන්න
බෝ දුර ඉඳන් මගේ සිත සනසාගන්න
Wednesday, June 23, 2010
I cry..
I cry for all things
that are so specialsince you came into my life...
I cry for all things
that never will be the same
even if you leave me...
I cry for finding completeness
in two separate worlds
never to be one...
and I cry for having to let go
when I so want to hold
hold so tightly
close to my heart…
Sunday, June 20, 2010
වසත් සිහිනය
මේඝ වැහි වළා මැද
හිරු මුවා වූ දිනෙක
කිළිපොලන සුළං රැළි
ගතම දැවටෙන දිනෙක
සතර අත මල් පිපෙන
වසත් සිහිනය දකිමි
ලදළු රැඳි තුරු සෙවන
මතකයෙන් සැරිසරමි
හිරු මුවා වූ දිනෙක
කිළිපොලන සුළං රැළි
ගතම දැවටෙන දිනෙක
සතර අත මල් පිපෙන
වසත් සිහිනය දකිමි
ලදළු රැඳි තුරු සෙවන
මතකයෙන් සැරිසරමි
Saturday, June 19, 2010
පාළුව
නුඹ නැතිව සිත පතුල
විදුලිලන පාළුවට
හුරුවෙන්නේ කෙලෙසකද
කියාදෙනු මැන මෙමට
ජීවිතය පුරාවට
නුඹ නොසිටි බව ළඟක
අදහගනු නොහැක මට
වැරදුනේ කොහිද මඟ?...
විදුලිලන පාළුවට
හුරුවෙන්නේ කෙලෙසකද
කියාදෙනු මැන මෙමට
ජීවිතය පුරාවට
නුඹ නොසිටි බව ළඟක
අදහගනු නොහැක මට
වැරදුනේ කොහිද මඟ?...
Wednesday, June 16, 2010
දේදුනු
මන්මත් කරන් පැහැ නෙක
එකට කැලතුණු දේදුනු
එකක් නොව දෙකක්ම!
පායලා අර ගගනත..
සිත් කඳුළු වැස්සේ
ලොව දකින රිවි හසරැල්
අතරමැද පෑයූ
දේදුනු සේයි නුඹ මට...
Subscribe to:
Posts (Atom)

