Wednesday, July 14, 2010

ක්ෂිතිජය, නුඹ-මම

අහස සිඳු සේ
බැඳී ඇත අප
ක්ෂිතිජ රේඛාවේ...
ලොවට මිරිඟුව
ලෙසින් පෙනුනද
එයයි අප සෙනෙහේ...
දෑත දිගු කර
අහස් කුස වෙත
සිඳු හඬයි රහසේ...
සයුරු රළ සිඹ
අහස සසැලෙයි
මන්මත්ව පහසේ ...

1 comment:

  1. ලොව දුටුවත්
    අපව එක ලඟ......
    තනිව දෙතැනක
    හිත් මෑත...
    බලා උන්නත්...
    දරාගෙන දෝත...
    බලපොරොත්තුව....
    අපි තාමත්..
    දුර ඈත?.

    ReplyDelete