Tuesday, July 6, 2010

දුටුවෙමි

මසිත් පතුළත අතගා
නුඹ සොයා ගත් මුතු කැට
නුඹ දෑස ගැඹරේම
දිදුලනා හැටි දුටුවෙමි...
මගේ සුසුමක දවටා
නුඹට දුන් පළමු හාදුව
නුඹේ සිත අද්දර
සසැලෙනා හැටි දුටුවෙමි...
සසර මංපෙත අවුරා
ඇඳෙන වියැකෙන රූ මෙන්
දෑඟිලි බැඳුණු සලකුණු
කඳුළු අතරින් දුටුවෙමි...

2 comments:

  1. සසර මංපෙත දෑඟිලි බැඳෙන් නවතනු හැකි වෙද?

    ReplyDelete