Tuesday, October 26, 2010

වැහි බිංදු

දුර ගෙවා අහස පිස
වැටෙන හැම වැහි බිඳක්
මලක් මත වැටෙන්නට
පෙරුම් පුරනවා ඇතිද?

අහස දෙස පෙති විදා
සිනාසෙන හැම මලක්
වැහි බිංදු ලබන්නට
පෙරුම් පුරනවා ඇතිද?

2 comments:

  1. අහස දෙස පෙති විදා
    සිනාසෙන හැම මලක්
    වැහි බිංදු ලබන්නට
    පෙරුම් පුරනවා ඇතිද?

    ලස්සන පද පෙලක්..

    ReplyDelete
  2. වසිනා වැසිබිඳු කීයෙන් කීයද,
    මලක පහස ලබනේ,
    එනමුදු,
    වැසි වසිනා සඳ පිපි සැම මලටම,
    වැසිබිඳු පහස ලැබෙන්නේ,

    ReplyDelete