Wednesday, July 14, 2010

සඳ එළිය නුඹ


රැයේ තුන්යම පුරා
නිදි නොමැති නෙතු අරා
සඳ කිනිති සල සලා
සඳ එළිය නුඹ වෙලා ...

ඉතින් මට නිදියන්න
සඳ පහන හකුලන්න
නුඹේ වුවන දැකගන්න
හීනයක් වී එන්න...

1 comment:

  1. සිහිනයක් වී එන්නම්
    නිවෙන නෙතු සනහන්න.......
    රෑපුරා හිඳින්නම් නිහඬව
    උඹ ඉහ අද්දර.....

    ReplyDelete