Monday, July 26, 2010

සිසිරයේ මල් කැකුළු


සීත සුළඟට බියව සසලව
පත් හැලුණු මේ කටුක අතු අග
ලොවට රහසින් කැකුළු මල් පොඩි
පිපෙන්නට වෙර දරන තාලය!

කලාතුරකින් එබෙන හිරු ඉරි
වෙතට මුළු හදවතින් පෙම් බැඳ
මොහොතකට අමතක කළා වද
තවම සිසිරය දුරුව නැති වග..?

2 comments:

  1. මල් කැකුලේ
    නුඹට වැරදුනාවත්ද
    හරි කාලය...
    කොල හැලීගෙන එයි
    සිසිර උදාව......
    වසන්න්තයට
    තව බෝ දුරයි......
    පිබිදුනත්
    පලක් වේවිදෝ සැකයි......

    ReplyDelete
  2. දුලබ හිරු එළි වෙතට තුරුළුව
    එකම එක මොහොතක් හිඳිනු ඇති
    සීතයේ රුදු කුණාටුව මැද
    එයින් පසු මියගියත් කම් නැත

    ReplyDelete