Saturday, July 31, 2010

.....

දහවලද රැය පුරා
දෙනෙත් නොවසා තියා
සිහින දුටුවෙමි නිතින
හදේ සෙවනැලි මවා

රුදුරු ගනඳුර ඉරා
නුඹේ දෙනෙත් දැල්විලා
හද කුටිය එකලු විය
දහක් එළි සේ දුලා

මෙතෙක් ආ මඟ පුරා
කඳුළු සලකුණු බලා
පෙරඹරෙහි නුඹ පිපී
නැකත් තරුවක් වෙලා

2 comments:

  1. දවල් දකින හීන...
    රැ හීන වලින් වෙනස් වෙන්නේ කොහොමද?
    රැට දකින සුබ හීන
    හැමවෙලේම අවදිවීමත් එක්ක මැකුනත්....
    බියකරු හීන හිතේ රැඳෙන්නේ මන්ද?

    ReplyDelete
  2. හ්ම්...ලස්සන නිර්මාණයක්..
    ඒ ආලෝකය දිවි තුරා නොනිවී තිබෙන්න කියලා මම ප්‍රාර්ථනාකරනවා..
    ජයවේවා!!!

    ReplyDelete