Thursday, July 8, 2010

casablanca

කියනු මැන මට
ලොවම පීරා
කිමද මා ළඟ
නතර වූයේ..
සිනහ සඳ කැන්
දෝතටම ගෙන
මසිත් කොඳ පෙළ
පිබිදවූයේ..
හදේ ඇවිලෙන
තැවුල් සිඹ සිඹ
ඔසුම තවරා
සිසිලලූවේ ...
ජීවිතේ තව
එක් වතාවක්
සිනහ ගෙනෙනා
වරම වූයේ..

3 comments:

  1. ලොවම පීරා
    සොයා ඇදුනෙමි.......
    මගේ හදවත
    ඉතිරි අර්ධය......
    මොහොතකට ඔය
    නිල් නුවන් ලඟ
    නතරවුනු
    හදවතේ උණුසුම
    කෙඳිරුවා මට
    හීන්සීරුවේ
    දැනුනු විත්තිය....
    එය ඔබේ ලඟ බව.....

    ReplyDelete
  2. ලොවෙත් නැතිවූ
    මෙකවි පද වැල්
    මට බැලීමට ලබාදුන් ඒ
    ඔබෙ පුන්චි දෝතට සිසිල වේවා...........

    ReplyDelete