Sunday, August 22, 2010

සිත අරවින්ද

සිත් මලක පෙති සින්ද
කඳුළු නිති නෙත බින්ද
යුගයේ කටු කළලින්ද
වැසුණි සිත අරවින්ද

දහක් මුදු වදනින්ද
සිහින සුව පහසින්ද
නුඹ ළඟම සුව වින්ද
පිපුණි සිත අරවින්ද

1 comment:

  1. ලස්සන පදවැලක්...දුක සැප නිති පෙරලේ ලෝකේ...
    ජයවේවා!!!

    ReplyDelete