Monday, August 23, 2010

සෙවනැල්ල

අත ළඟම සේ පෙනෙන
මායාව සිත දවන
නුඹයි සෙවනැලි දහස
ළඟ වුනත් ළඟ නොවන

එළිය සමගින් මැවෙන
අඳුර ළඟ සැඟව යන
නොපෙනුනත් ළඟින් ඉඳ
හිතට එබිකම් කරන

කිසිදිනක හිමි නොවන
කිසිදිනක වෙන් නොවන
තනිකමට තනි රකින
සෙවනැල්ල නුඹ සබඳ

1 comment:

  1. එළිය ඇතිවිට හිතවත්......අඳුරෙදි හැරයන හෙවනැල්ල......

    ReplyDelete