Monday, December 6, 2010

මුතු කඳුළු

නින්දකින් අවදිවී
වලා පට මෑත් කර
සඳ එබුනි ලොව වෙතට
සිහින විසිරුවා දසත

ලෝකයෙන් වහන් වූ
අඳුරුතම එක් කොණක
මුතු බිඳක් ඇස ගැටුණි
විනිවිදින සඳ නෙතට

විහිදුවා මුදු කිරණ
දෑත පා සිඹ සැනෙක
සඳ වතට ලං කරන්
කඳුළු පිසලිය හනික

දුර සඳට ලොබ බැඳන්
මලක් පෙර එක දිනක
හෙලූ කඳුලැලි ගඟක්
මුතු වෙලා මේ ලෙසට

දෙකඩ වූ මුත් සිතම
මුතු බිඳත් හද සඟව
සඳ ලොවට එළිය දෙයි
කිසිත් නොවූ විරූ විලස

3 comments: