Tuesday, December 7, 2010

jacaranda shade














මීදුමෙන් වැසුණු ලෙස
දම් පැහැති මල් පිපුණු
තුරු වදුල පෙනෙයි මට
නිදිබරවූ හවස් කල

අකුරු මැද රැඳුණු සිත
කවුළුවෙන් එපිට දුර
දම් පැහැති මල් අතර
පාව යයි විටින් විට

අකීකරු ගමන් යන
තවත් මේ වැනිම සිත්
එ’මල් ගොමු අතර මැද
මුමුණාවී රහස් රැස

4 comments:

  1. මොකක්ද ඒ සද්දේ ?

    ආ ! මේ කවිය මගේ හිතට තට්ටු කරන සද්දේ ..

    ජයවේවා !!

    ReplyDelete
  2. හිස්‌ අහස - එච්චර දෙයක් වුනාද?!! :)

    තුති දෙදෙනාටම..

    ReplyDelete
  3. harima soduru nawathanak,,wadanin kiwa nohaki lassana hagum godak..mulma warati enna labunee..harima lassanai..oyata suba pathum...

    ReplyDelete